NSL Final : දුනිත්ගේ කඩුලු 5 පසෙකලා ගාල්ල අර්බුදයක

Date:

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(2) ගාල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා. ඒ, දඹුල්ල කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 248 ක් රැස් කිරීමට සමත් වුණා.

අභිෂේක් ලියනආරච්චි ලකුණු 54 ක් ද, මිනෝද් භානුක ලකුණු 50 ක් ද, සනෝජ් දර්ශික ලකුණු 37 ක් ද, පවන් රත්නායක ලකුණු 31 ක් ද ලබා ගත්තා. දුෂාන් හේමන්ත නොදැවී ලකුණු 27 යි. වනිදු හසරංග ලකුණු 15 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ගාලු පිල වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 58 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්. කවිශ්ක අංජුල කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගාලු කණ්ඩායම අද දිනය නිමා වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 26 ක් ලබා අසීරු තත්ත්වයක රැදී සිටියා.

සොහාන් ද ලිවේරා ලකුණු 7කටත්, සංගීත් කුරේ ලකුණු දෙකකටත්, ලක්ෂාන් එදිරිසිංහ ලකුණු 4කටත්, දුනිත් වෙල්ලාලගේ ලකුණු 3කටත් දැවී ගියා. හෂාන් දුමිදු නොදැවී ලකුණු 9 යි. පසිදු සූරියබණ්ඩාර තවමත් ලකුණු ලබා ගැනීම ආරම්භ කර නැහැ.

පන්දු යැවීමේ දී වනිදු හසරංග කඩුලු 2 ක් බිද හෙලූ අතර, ලහිරු සමරකෝන් හා අශාන් ප්‍රියන්ජන් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

මේ වන විට ගාලු කණ්ඩායම පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 222 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...