කාසියේ වාසිය ඉන්දියාවට ; කණ්ඩායම් දෙකෙන්ම වෙනස්කම් දෙක බැගින්

Date:

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 4 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය නායක රෝහිට් ෂර්මා සමත් වුණා.

ඒ අනුව ඉන්දෝර් හි පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි ඔහු තීරණය කළේ.

ඔස්ට්‍රේලියානු නිත්‍ය නායක පැට් කමින්ස් සිය මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇති බැවින් මෙම තරගයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ස්ටීවන් ස්මිත් විසින්.

කමින්ස් වෙනුවට මිචෙල් ස්ටක් කණ්ඩායමට කැදවා ඇති අතර, ආබාධයකට ලක්වීම හේතුවෙන් අවසන් ටෙස්ට් තරග දෙකෙන් ඉවත් කෙරුණු ඩේවිඩ් වෝනර් වෙනුවට කැමරන් ග්‍රීන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කැදවා තිබෙනවා.

තෙවැනි තරගය සදහා ඉන්දීය කණ්ඩායම ද වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව සුපුරුදු දක්ෂතා අතර නොමැති කේ එල් රාහුල් වෙනුවට ෂුබ්මන් ගිල් කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. එමෙන්ම මොහමඩ් ෂාමි වෙනුවට උමේෂ් යාදව් ද කණ්ඩායමට කැදවා ති‍බෙනවා.

පළමු තරග දෙක ජය ගත් ඉන්දියාව මේ වන විට තරග 4 කින් යුත් ටෙස්ට් තරගාවලියේ පෙරමුණ ගෙන සිටින්නේ තරග 2-0 ක් ලෙසයි.

කණ්ඩායම් දෙක –

Australia XI:

T Head, U Khawaja, S Smith (c), M Labuschagne, C Green, P Handscomb, A Carey (wk), M Starc, T Murphy, N Lyon, M Kuhnemann.

India XI:

S Gill, R Sharma (c), C Pujara, V Kohli, S Iyer, S Bharat (wk), A Patel, R Ashwin, R Jadeja, U Yadav, M Siraj.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...