ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත සංචිතය නිවේදනය කෙරේ

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

එංගලන්තය සමග නිමා වූ දෙවැනි ටෙස්ට් තරගය සදහා නම් කෙරුණු සංචිතයම මෙම තරගාවලිය සදහා ද නම් කර ඇති බවයි නවසීලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටීඩ් සදහන් කළේ.

ටිම් සවුතිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.

ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 11 දෙනා හැරුණු විට සංචිතයට ඇතුළත්ව ඇත්තේ Blair Tickner හා Scott Kuggeleijn පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයට අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග දෙකක්, අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අයත් එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ඇතුළත්.

ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා ද සුදුසුකම් ලැබීමට අවස්ථාවක් උදා වනු ඇති.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු 9 වැනිදා ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 17 වැනිදා ආරම්භ වන්නේ වෙලින්ටන් හී දී යි.

ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු 4 හා 5 වැනිදා ක්‍රයිස්චර්ච් හී දී දෙදින පුහුණු තරගයකට ද එක්වීමට නියමිතව තිබෙනවා

New Zealand squad:

Tim Southee (c), Michael Bracewell, Tom Blundell (wk), Devon Conway, Matt Henry, Tom Latham, Daryl Mitchell, Henry Nicholls, Blair Tickner, Neil Wagner, Kane Williamson, Will Young, Scott Kuggeleijn

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...