ශ්‍රී ලංකා ක්‍රිකට් ගෝලීය විකාශන අයිතිය සදහා ඉන්දීය ආයතන 4 ක් තරග බිමේ

Date:

ගෝලීය වෙළදපොළ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අයිතිය ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලංසු කැදවා තිබෙනවා.

මාධ්‍ය අයිතිය ලබා ගැනීම සදහා ඉන්දීය මාධ්‍ය ආයතන කිහිපයක් අතර තරගයක් නිර්මාණය වී ඇති බවයි ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

විකාශන අයිතිය ලබා ගැනීමට ප්‍රමාද වී යම් මාධ්‍ය ආයතනයක් ඉදිරිපත් වී කාලය දීර්ඝ කිරීමක් අපේක්ෂා නොකරන්නේනම්, හෙට (1) දිනයේ දී කොළඹ දී ලංසු විවෘත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසුවන බව සදහන්.

මේ වන විට මාධ්‍ය අයිතිය හිමි Sony Sports ආයතනයට අමතරව, Star Sports, ඩිජිටල් විකාශන ආයතනයක් වන FanCode මෙන්ම කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිට අයත් Reliance Industries ආයතනයට බහුතර කොටස් අයිතිය හිමි Viacom 18 ආයතනය ද ශ්‍රී ලංකා ක්‍රිකට් ගෝලීය විකාශන අයිතිය ලබා ගැනීම සදහා තරග කිරීමට ඉඩ ඇති බවයි ක්‍රික්බස් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

2023 අප්‍රේල් මාසයේ සිට 2027 මාර්තු මාසය දක්වා වසර 4 ක කාලයක් වෙනුවෙන් මෙම විකාශන අයිතිය ලබා දීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගෝලීය විකාශන අයිතියෙහි වර්තමාන වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 23 ත් 25 ත් අතර පමණ අගයක් වනු ඇතැයි අනුමාන කෙරෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 832 ක පමණ අගයක්.

නව ටෙන්ඩරයේ වටිනාකම ලංසුකරුවන් ප්‍රමාණය මත රඳා පවතින අතර, එය ඩොලර් මිලියන 25 ඉක්මවිය හැකියි.

නමුත්, අදාළ කාලයේ දී ඉන්දියාව සමග මෙරට දී පැවැත්වීමට නියමිත තරග ප්‍රමාණය අනුව වටිනාකම තීරණය වනු ඇති.

2024 ජූලි මාසයේ දී ඉන්දීය කණ්ඩායම එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ක්‍රීඩා කිරීම සදහා මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර, 2026 වසර අවසානයේ දී ඉන්දීය කණ්ඩායම තරග 2 කින් යුත් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා මෙරටට පැමිණීමට නියමිතයි.

වත්මන් තරග කාලසටහනට අනුව එම තරග 8 පමණක් ශ්‍රී ලංකාවේ දී ඉන්දියාවට එරෙහිව අදාළ කාලයේ දී පැවැත්වීමට නියමිත අතර, එහි වෙනස්කම් ඇතැම්විට සිදු විය හැකියි.

අදාළ කාලයේ දී මෙරට දී පැවැත්වීමට නියමිත සමස්ත ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 56 ක්.

ගෝලීය විකාශන අයිතිය ලබා දීමෙන් පසුව මෙරට දේශීය මාධ්‍ය අයිතිය අලෙවි කිරීම සිදු කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...