නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය ලැමිච්හානේට එරෙහි තහනමක් ඉවත් කරයි

Date:

නේපාල හිටපු නායක හා දග පන්දු යවන ක්‍රීඩක සන්දීප් ලැමිච්හානේට (Sandeep Lamichhane) එරහිව පනවා තිබූ විදෙස් ගත වීමේ තහනම ඉවත් කිරීමට නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔහු නේපාල සංචිතයට එක්වීම සදහා ඩුබායි වෙත පිටත්ව යාමට නියමිතව ඇත්තේ ක්‍රිකට් ලෝක කුසලාන දෙවන ලීගය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා පැපුවා නිව් ගිනියාව සමග මේ දිනවල පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම අරමුණින්.

කෙසේ වෙතත්, ඒ සදහා ජගත් ක්‍රිකට් කවුන්සලයේ අනුමැතිය අවශ්‍ය වනවා.

අතවර කිරීමේ චෝදනාවකට ලක්ව සිටින සන්දීප් ලැමිච්හානේට මීට පෙර අධිකරණය විසින් ඇප නියම කළේ විදෙස් ගත වීම තහනම් කරමින්.

අනතුරුව ස්කොට්ලන්තය හා නැමීබියාව සමග මීට පෙර නේපාලයේ දී පැවැති තුන්කොන් තරගාවලිය සදහා ඔහු ක්‍රීඩා කළ නමුත්, මේ දිනවල පැවැත්වෙන තුන්කොන් තරගාවලිය සදහා ඔහුව නේපාල සංචිතයට නම් කෙරුණේ නැහැ.

ඒ, ඔහුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...