සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර වෙලින්ටන් හී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(25) නිමා වුණේ තරගයේ පාලනය සම්පූර්ණයෙන් එංගලන්තයට නතු කරමින්.
වර්ෂාව සහිත අයහපත් කාළගුණය හේතුවෙන් අද දිනය සදහා ද තරගය නියමිත කාලයට පෙර අවසන් කිරීමට සිදු වුණා. දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 138 ක් ලබා සිටියේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 8ක් දැවී ලබා ගත් ලකුණු 435 ට පිළිතුරු වශයෙන්.
ඒ අනුව නවසීලන්තය පළමු ඉනිමේ දී මේ වන විට තවත් ලකුණු 297 ක් පිටුපසින් පසුවනවා.
නවසීලන්ත ඉනිම වෙනුවෙන් ටොම් බ්ලන්ඩල් නොදැවී ලකුණු 25 ක් හා ටිම් සවුති නොදැවී ලකුණු 23 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, ටොම් ලේතම් ලකුණු 35 කටත්, හෙන්රි නිකල්ස් ලකුණු 30කටත් දැවී ගියා.
පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් හා ජැක් ලීච් කඩුලු 3 බැගින් බිද හෙලුවා.
අද දිනයට තරගය ආරම්භ කරන විට තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 315 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස හැරී බෘෘක් ලකුණු 186 කට දැවී ගියා. ඒ, ජෝ රූට් සමග එක්ව සිව්වැනි කඩුල්ල සදහා ගොඩ නැගූ ලකුණු 302 ක සම්බන්ධතාවය නිමා කරමින්. බෘෘක්ගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 24 ක් ඇතුළත්.
රූට් නොදැවී ලකුණු 153 ක් රැස් කළා. හයේ පහර 3කින් හා හතරේ පහර 10කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.
පන්දු යැවීමේ දී මැට් හෙන්රි ලකුණු 100 කට කඩුලු 4 ක් දවා ගත්තා. මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 54 කට දවා ගත් කඩුලු ගණන 2ක්.
What on earth 🤯
This is 𝗨𝗡𝗕𝗘𝗟𝗜𝗘𝗩𝗔𝗕𝗟𝗘 from Ollie Pope 🔥
The perfect to finish the session! #NZvENG pic.twitter.com/hehHIe5UO0
— Cricket on TNT Sports (@cricketontnt) February 25, 2023

