පවන්ගේ ශතකය හා වනිදුගේ කඩුලු 3 යාපනයට එරෙහිව දඹුල්ලට තරගයේ පාලනය හිමි කර දෙයි

Date:

ජාතික සුපිරි ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය (National Super League 4-Day Tournament) යටතේ දඹුල්ල කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ දෙවැනි දිනය අද (24) කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි යාපනය පිල කඩුලු 7 ක් දැවී ලකුණු 220 ක් ලබා සිටියේ තරගයේ පළමුව පන්දුවට පහර දී දඹුල්ල කණ්ඩායම රැස් කළ ලකුණු 426 ට පිළිතුරු වශයෙන්.

යාපනය ඉනිම වෙනුවෙන් රොන් චන්ද්‍රගුප්ත ලකුණු 97 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග ලකුණු 42 කට කඩුලු 3 ක් දවා ගත්තා. දුෂාන් හේමන්ත බිද හෙලූ කඩුලු ගණන 2ක්.

පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල ඉනිම වෙනුවෙන් පවන් රත්නායක ලකුණු 117 ක් ලබා ගත්තා. ගයාන් මනීෂාන් ලකුණු 51 යි. අශාන් ප්‍රියන්ජන් ලකුණු 49 කට දුවද්දී දැවී ගියා.

පන්දු යැවීමේ දී ශශික දුල්ෂාන් යාපනය පිල වෙනුවෙන් ලකුණු 131 කට කඩුලු 6 ක් දවා ගැනීම කැපී පෙනුණා.

ඒ අනුව මේ වන විට යාපනය කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 206 ක් පිටුපසින් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...