පසිදුගේ 214* ගාල්ල සවිමත් කරද්දී මහනුවර ලකුණු 596 ක් පිටුපසින්

Date:

ජාතික සුපිරි ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ (National Super League 4-Day Tournament) ගාල්ල කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ දෙවැනි දිනය අද(24) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහනුවර කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 62 ක්.

ලසිත් කෘෘස්පුල්ලේ නොදැවී ලකුණු 29 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, ලහිරු උදාර ලකුණු 12 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී කවිශ්ක අංජුල කඩුලු 2 ක් ද, මොහමඩ් ශිරාස් හා සංගීත් කුරේ එක් කඩුල්ල බැගින් ද බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු කණ්ඩායම තරගයේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, අද දිනය සදහා තරගය ආරම්භ කරන විට ඔවුන් කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 356 ක්. ගාල්ල කණ්ඩායම පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 658 ක් ලබා සිටියදීයි.

පසිදු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 214 ක් රැස් කළේ හතරේ පහර 18 ක් ද සමගින්. ආරම්භක පිතිකරු සොහාන් ද ලිවේරා ලකුණු 133 ක් ලබා ගත්තා. සුමින්ද ලක්ෂාන් ලකුණු 74 ක් හා කවිශ්ක අංජුල ලකුණු 59 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 231 ක් ලබා දෙමින්.

ඒ අනුව මේ වන විට මහනුවර කණ්ඩායම පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 596 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...