එංගලන්තය පරදා දකුණු අප්‍රිකාව පළමු වරට T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

Date:

මෙවර කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අද(24) සමත් වුණා.

ඒ, දෙවැනි අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල එංගලන්තය පරදා ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කරමින්.

දකුණු අප්‍රිකාව කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.

කේප් ටවුන් හි Newlands ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 4 ක් දැවී ලකුණු 164 ක් රැස් කළා.

Tazmin Brits ලකුණු 68 ක් ලබා ගත් අතර, Laura Wolvaardt ලකුණු 53 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී Sophie Ecclestone ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ 158 ක් පමණයි.

Nat Sciver-Brunt ලකුණු 40 ක් ලබා ගත්තා. Danni Wyatt ලකුණු 34 කට දැවී ගිය අතර, Heather Knight ලකුණු 31 යි.

Ayabonga Khaka ලකුණු 29 කට කඩුලු 4 ක් දවා ගැනීම කැපී පෙනුණා. ඇය 18 වැනි පන්දුවාරයේ දී කඩුලු 3 ක් දවා ගැනීම තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා. Shabnim Ismail ලකුණු 27 කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.

ඒ අනුව එළඹෙන 26 වැනිදා කේප් ටවුන් හී දී පැවැත්වෙන අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග වැදීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...