දිල්ලි කැපිටල්ස් හා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම්වල නව නායකයින් මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ හා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ නව නායකයින් දෙදෙනා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝනර් දිල්ලි කණ්ඩායමේ නායකයා ලෙසත්, දකුණු අප්‍රිකානු පිතිකරු ඒඩ්න් මාක්‍රම් සන්රයිසස් කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කිරීමට නියමිතයි.

මෑතකදී අවසන් වූ දකුණු අප්‍රිකාවේ පැවැති SA20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම සදහා සන්රයිසස් ඊස්ටර්න් කේප් කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ ද ඒඩ්න් මාක්‍රම්.

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට නව නායකයෙකු පත් කිරීමට අවශ්‍ය වූයේ එම කණ්ඩායම පසුගිය වසරේ දී මෙහෙයවූ කේන් විලියම්සන් ක්‍රීඩක වෙන්දේසියට පෙර සංචිතයෙන් නිදහස් කිරීමට කණ්ඩායම් කලමනාකාරීත්වය විසින් පියවර ගත් බැවින්.

මේ අතර, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ උප නායකයා ලෙස ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල් පත් කර තිබෙනවා.

පසුගිය වසරේ පැවැති අයි.පී.එල් තරගාවලියේ දී දිල්ලි කණ්ඩායම රිෂාබ් පාන්ට් විසින් මෙහෙයවනු ලැබූ නමුත්, ඔහු රිය අනතුරකට මුහුණ දුන් බැවින් එළඹෙන තරග වාරය සදහා රිෂාබ් පාන්ට් හට ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...