ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ වසර 4කට පසු කමින්ස්ට අහිමි වෙයි

Date:

නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගැනීමට එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සමත්ව තිබෙනවා.

ඒ, නවසීලන්තය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී කඩුලු 7 ක් දවා ගනිමින් ඔහු දැක් වූ විශිෂ්ඨ දක්ෂතාවය හේතුවෙන්.

ඒ අනුව වසර හතරක කාලයක් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැදී සිටි ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස්ට මේ වන විට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දක්වමින් සිටින ඉන්දියාවේ ආර් අශ්වින් මේ වන විට ටෙස්ට් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

40 හැවිරිදි ඇන්ඩර්සන් විසින් ටෙස්ට් පන්දු යවන්නන් අතර පෙරමුණ හිමි කර ගත් 6 වැනි අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

ඔහු අවසන් වරට එහි පෙරමුණ ගත්තේ මාස 5ක කාලයක් සදහා 2018 වසරේ දී යි.

මේ වන විට ටෙස්ට් කඩුලු 682 ක් දවා ගෙන ඇති ඇන්ඩර්සන් ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභින් අතර තෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන ඇන්ඩර්සන්ට ශ්‍රේණිගත ලකුණු 866 ක් ද, දෙවැනි ස්ථානයේ රැදී සිටින අශ්වින්ට ශ්‍රේණිගත ලකුණු 864 ක් ද, තෙවැනි ස්ථානයේ පසුවන කමින්ස්ට ශ්‍රේණිගත ලකුණු 858 ක් ද හිමියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...