ඇෂ්ටන් ඒගාර් ඔස්ට්‍රේලියානු සංචිතයෙන් නිදහස් කෙරේ

Date:

ඔස්ට්‍රේලියානු වමත් දග පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර් ඉන්දියාවට එරෙහිව ‍පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයෙන් නිදහස් කර තිබෙනවා.

ඒ අනුව ඔහු ඉන්දියාවේ සිට යළි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරමින් දේශිය තරග ක්‍රීඩා කිරීම සදහායි.

ඒගාර් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නම් කිරීමට ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුව පියවර ගෙන නැහැ.

ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යන ඒගාර් ලබන මාසයේ දී යළි ඉන්දියාවට පැමිණීමට නියමිතව ඇත්තේ දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින්.

ඔහු පළමු ටෙස්ට් තරග දෙක සදහා ඔස්ට්‍රේලියානු සංචිතය සමග රැදී සිටි නමුත්, ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

මේ අතර, තමාගේ හා සිය බිරිදගේ පළමු දරු උපත වෙනුවෙන් දෙවැනි ටෙස්ට් තරගයට පෙර ඉන්දියාවේ සිට යළි සිය රට බලා පිටත්ව ගිය දග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්වෙප්සන් තෙවැනි ටෙස්ට් තරගයට පෙර ඔස්ට්‍රේලියානු සංචිතය සමග එක්වීමට නියමිතව තිබෙනවා.

ආබාධ හේතුවෙන් ජොෂ් හේසල්වුඩ්ට(පළමු ටෙස්ට් තරග දෙක ද අහිමි වුණා) හා ඩේවිඩ් වෝනර්ට දෙරට අතර පැවැත්වීමට නියමිත ඉතිරි ටෙස්ට් තරග දෙකම අහිමි වී ඇති අතර, පළමු ටෙස්ට් තරග දෙක ආබාධයක් හේතුවෙන් අහිමි වූ කැමරන් ග්‍රීන් තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවනවා.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 2-0 ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන සිටින අතර, තෙවැනි තරගය මාර්තු පළමු වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...