Watch : නිපුන් ධනංජය රැක ගත් ඇදහිය නොහැකි සුපිරි උඩ පන්දුව මෙන්න

Date:

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග අද(21) පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී සුවිශේෂී උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායමේ නිපුන් ධනංජය සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද පෙරවරුවේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ලයන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඔවුන් පන්දුවාර 45 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 166 ක් පමණයි.

Jacob Bethell ලකුණු 50 ක් රැස් කළ අතර, Jordan Cox ලකුණු 31 කට දැවී ගියා.

Tom Hartley ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 22 ක් ලබා සිටියදීයි. ඔහුගේ කඩුල්ල දවා ගැනීම සදහායි නිපුන් ධනංජය සුපිරි උඩ පන්දු රැක ගැනීමක් ප්‍රදර්ශනය කළේ. (දර්ශන පහතින් නරඹන්න)

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් ඉසිත විජේසුන්දර ලකුණු 14 කට කඩුලු 3 ක් බිද හෙලූ අතර, දුෂාන් හේමන්ත ලකුණු 27 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...