ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව සිහිනය බොද වෙයි

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තු අත්හැරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මෙරට වේලාවෙන් අද(20) අලුයම සිදු වුණා.

ඒ, තරගාවලියේ 17 වැනි තරගයේ දී නවසීලන්ත කාන්තා කණ්ඩායම හමුවේ ලද ලකුණු 102 ක දැවැන්ත පරාජය හේතුවෙන්.

පාර්ල් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 162 ක් රැස් කිරීමට සමත් වුණා.

ආරම්භක පිතිකාරිණී Bernadine Bezuidenhout ලකුණු 32 කට දැවී ගිය අතර, අනතුරුව Suzie Bates හා Amelia Kerr ලකුණු 110 (83) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

Bates ලකුණු 56(49) ක් ලබා ගත්තා. Amelia Kerr පන්දු 48 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 66 ක්.

මෙම ඉනිමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දුර්වල පන්දු රැකීමක නිරත වූ අතර, උඩ පන්දු කිහිපයක් මෙන්ම දුවද්දී දවා ගැනීමට ලද අවස්ථා කිහිපයක් ද ඔවුන් අතින් මග හැරුණා.

පන්දු යැවීමේ දී අචිනි කුලසූරිය හා ඉනෝකා රණවීර එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15.5 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 60 ක් පමණයි.

චමරි අතපත්තු ලකුණු 19 ක් ලබා ගත් අතර, මල්ෂා ශෙහානි ලකුණු 10කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Amelia kerr හා lea tahuhu කඩුලු දෙක බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...