පැට් කමින්ස් යළි ඔස්ට්‍රේලියාව බලා පිටව යයි

Date:

ඉන්දීය තරග සංචාරයක නිරතව සිටින ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායක පැට් කමින්ස් යළි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

සිය පවුලේ පවතින රෝගී තත්ත්වයක් හේතුවෙනුයි ඔහු මෙලෙස සිය රට බලා පිටත්ව ගොස් ඇත්තේ.

කෙසේ වෙතත්, මාර්තු පළමු වැනිදා ඉන්දෝර් හී දී ඉන්දියාවට එරෙහිව ආරම්භ වීමට නියමිත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා සූදානම් වීමේ අපේක්ෂාවෙන් ඔහු මෙම සතිය තුළ දී ම යළි ඉන්දියාව වෙත පැමිණීමට නියමිතයි.

දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව ඊයේ(19) කඩුලු 6 ක පරාජයක් ලැබූ අතර, ඒ අනුව මේ වන විට ඉන්දියාව තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.

එම ප්‍රතිපලයත් සමග ඉන්දියාව බෝර්ඩර්-ගවස්කාර් කුසලානය අඛණ්ඩව සිව්වැනි වරටත් තමන් සන්තකයේ රදවා ගැනීමට සමත් වීම ද විශේෂත්වයක්.

පැට් කමින්ස් තෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක නොපවතින නමුත්, අවශ්‍යතාවයක් ඇති වුවහොත් ස්ටීවන් ස්මිත් කණ්ඩායම මෙහෙයවීමට කටයුතු කරනු ඇති.

තෙවැනි ටෙස්ට් තරගය සදහා ඔස්ට්‍රේලියානු සංචිතයේ හා අවසන් 11 දෙනාගේ කණ්ඩායමේ වෙනස්කම් සිදු විය හැකි බවට පැට් කමින්ස් විසින් ඉගි පල කර තිබෙනවා.

ආබාධ හේතුවෙන් පළමු ටෙස්ට් තරග දෙක ක්‍රීඩා කිරීමට නොහැකි වූ මිචෙල් ස්ටක්, ජොෂ් හේසල්වුඩ් හා කැමරන් ග්‍රීන් තෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයකින් පසුවනු ඇති.

කෙසේ වෙතත්, දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී පන්දුවක් හිස් ආවරණයේ වැදීම හේතුවෙන් කම්පන තත්ත්වයකින් පසු වූ බැවින් එම තරගයෙන් ඉවත් කෙරුණු ඩේවිඩ් වෝනර්ට තෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට හැකි වනු ඇත්ද යන්න සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් පවතිනවා.

ඒ, ඔහු එම ඉනිමේ දී ම වම් අතෙහි පන්දුවක් වැදීමෙන් ආබාධයකට ද ලක් වූ බැවින්.

තමාගේ හා සිය බිරිදගේ පළමු දරු උපත වෙනුවෙන් සිය රට බලා පිටත්ව ගිය මිචෙල් ස්වෙප්සන් ද තෙවැනි ටෙස්ට් තරගයට පෙර සංචිතය සමග එක්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...