සුපිරි වේග පන්දු යවන්නාට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි

Date:

පිට කොන්දේ ආබාධයකට ලක්ව සිටින නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ක්යිල් ජමීසන් ශල්‍යකර්මයකට මුහුණ දීමට නියමිතව සිටින බව නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටීඩ් පවසනවා.

ඒ හේතුවෙන් ඔහුට මාස 4 ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වනු ඇති බවයි ඔහු සදහන් කළේ

මේ දිනවල එංගලන්තයට එරෙහිව නවසීලන්තයේ දී පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා ද ඔහුව පළමුව නම් කර තිබූ නමුත්, පසුව පිට කොන්දේ ආබාධය හේතුවෙන් ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

ක්යිල් ජමීසන් පසුගිය වසරේ ජූනි මාසයේ දී එංගලන්තය සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී ද පිට කොන්දේ ආබාධයකට ලක්වූ අතර, අනතුරුව ඔහුට මාස 7ක පමණ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදුව තිබූ පසුබිමකයි මෙම තරගාවලිය සදහා ජමීසන්ව නම් කෙරුණේ.

ශල්‍යකර්මයකට මුහුණ දීමට නියමිතව සිටින බැවින් ක්යිල් ජමීසන්ට මාර්තු-අප්‍රේල් මාසවලට යෙදී ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය, අප්‍රේල්-මැයි මාසවලට යෙදී ඇති පාකිස්තාන තරග සංචාරය මෙන්ම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද අහිමි වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...