“මගේ ලෝක වාර්තාව ඔහුට බිදින්න පුලුවන්” – මුරලි

Date:

ටෙස්ට් කඩුලු 800ක් දවා ගනිමින් තමා පිහිටුවා ඇති ලෝක වාර්තාව බිද දැමිය හැකි බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍යක් වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කළේ ඕනෑම දක්ෂ පන්දු යවන්නෙකුට මෙම ලෝක වාර්තාව බිද දැමිය හැකි බවයි.

“ගිබ්ස් කඩුලු 309ක් දවා ගෙන සිටියදී කවුරුත් හිතුවේ නැහැ ඒ ලෝක වාර්තාව බිද දමයි කියලා. නමුත් ඒ වාර්තාව කැඩුණා. පන්දු යවන්නන් රැසක් ඒ කඩුලු ප්‍රමාණය දවා ගත්තා. ඒ වගේම මගේ වාර්තාවත් බිද දැමිය හැකියි”

යනුවෙන් මුරලිදරන් කියා සිටියා.

පසුගියදා කඩුලු 600 සීමාවට ළගා වූ ජේම්ස් ඇන්ඩර්සන්ට සුබ පැතුම් එක් කිරීමට ද මුත්තයියා මුරලිදරන් අමතක කළේ නැහැ.

“මම ගොඩක් සතුටුයි ඔහු ගැන. ඔහු මගේ කණ්ඩායම් සාමාජිකයෙකු වුණා ලැන්කෂෙයාර් කණ්ඩායමට මම ක්‍රීඩා කරන විට”

“මම අනුමාන කරනවා ස්ටුවට් බ්‍රෝඩ්ට කඩුලු 600 සීමාවට ළගා වෙන්න පුලුවන් කියලා. කවුද දන්නේ ජේම්ස් ඇන්ඩර්සන් තවත් අවුරුදු 6ක් 7ක් ක්‍රීඩා කළොත් මගේ වාර්තාවත් බිද දමන්න පුලුවන් වේවි.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...