භානුක රාජපක්ෂගෙන් නව හයේ වාර්තාවක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ පළමු පෙළ තෙදින ක්‍රිකට් තරගාවලිය පසුගිය 27 වන දා අවසන් වුණේ කුසල් මෙන්ඩිස් නායකත්වය ලබා දුන් සී.සී.සී. කණ්ඩායමට ලීග් ශූරතාවය හිමිකර දෙමින්.

එම තරගාවලියේ පලිහ ශූරතාවය මුවර්ස් කණ්ඩායම විසින් හිමිකරගනු ලැබුවා.

තරගාවලිය පුරාවටම නවක ක්‍රීඩකයින් හා නම් දැරූ ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණීම විශේෂත්වයක්.

තරගාවලියේ නොකඩවා දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතර භානුක රාජපක්ෂ ද ඉදිරියෙන් සිටියා.

ඔහු තරගාවලිය අවසන් කළේ තෙවැනි වැඩිම ලකුණු ලාභියා වෙමින්.

භානුක රාජපක්ෂ තරග 10 ක දී ඉනිම 18 ක් ක්‍රීඩා කර රැස් කළ ලකුණු සංඛ්‍යාව 835 ක්.

ඉනිමක සාමාන්‍ය 49.11 ක් ලෙසයි සටහන් වුණේ.

තරගාවලියේ වැඩිම ප්‍රහාරාත්මක වේගයකට හිමිකම් කීමට ද භානුක රාජපක්ෂ සමත් වුණේ 120.31 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින්.

ඔහුගේ ලකුණු එකතුවට හයේ පහරවල් 50 ක් ඇතුලත්ව තිබීම විශේෂත්වයක්.

ඒ අනුව භානුක විසින් ශ්‍රී ලංකා පළමුපෙල වාර්තා අලුත් කරනු ලැබුවේ පළමුපෙල තරග වාරයක දී වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා බවට පත් වෙමින්.

තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගැනීමට වරම් නොලද භානුක රාජපක්ෂගේ මෙම දක්ෂතාවයන් ඔහු පිළිබඳව තේරීම් කමිටුවට දෙවරක් සිතීමට අවස්ථාව සලසා දී ඇති බව ද සදහන් කළ හැකියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...