චාර්ල්ස්-ඩාස් ප්‍රහාරය කොමිලාවට සිව්වැනි බී.පී.එල් ශුරතාවය හිමි කර දෙයි

Date:

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (බී.පී.එල්) ක්‍රිකට් තරගාවලිය ජය ගැනීම සදහා අවසන් මහා තරගයේ දී සිල්හෙට් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමෙන් ලද ලකුණු 176 ක ඉලක්කය පන්දුවාර 19.2 කින් හඹා යමින් සිව්වැනි වරටත් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත් වුණා.

ලිටොන් දාස් පන්දු 39 කින් ලකුණු 55 ක් හා ජොන්සන් චාර්ල්ස් පන්දු 52 කින් නොදැවී ලකුණු 79 ක් රැස් කරමිනුයි වික්ටෝරියන්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක් සමගින් අඛණ්ඩව දෙවැනි වරටත් බී.පී.එල් ශූරතාවය දිනා දීමට සමත් වුණේ.

චාර්ල්ස්ගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 7 ක් ඇතුළත්. මොයීන් අලී නොදැවී ලකුණු 25 යි.

පන්දු යැවීමේ දී රුබෙල් හොසේන් කඩුලු 2 ක් හා ජෝර්ජ් ලින්ඩේ එක් කඩුල්ලක් දවා ගත්තා.

මීර්පූර්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිල්හෙට් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ලකුණු 175 ක් ලබා ගත්තේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

මුෂ්ෆිකර් රහීම් පන්දු 48 කින් නොදැවී ලකුණු 74 ක් හා නජ්මුල් හොසේන් ශන්ටෝ පන්දු 45 කින් ලකුණු 64 ක් වාර්තා කළා.

පන්දු යැවීමේ දී මුස්ටෆිසුර් රහ්මාන් කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 31 ක් ලබා දෙමින්.

මෙම තරගයේ දී සිල්හෙට් කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරා ක්‍රීඩා කළේ සිය 350 වැනි 20යි 20 තරගයයි.

කෙසේ වෙතත්, පිතිකරණයේ දී පළමු පන්දුවෙන්ම දැවී ගිය ඔහු, පන්දු යැවීමේ දී එක් පන්දුවාරයක් පමණක් යොමු කළ අතර, එම පන්දුවාරයට ලකුණු 12 ක් ප්‍රතිවාදී පිතිකරුවන් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...