පුජාරාගේ 100 වැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට ; කණ්ඩායම් දෙක මෙන්න

Date:

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීට ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් සමත් වුණා.

ඒ අනුව ඔහු දිල්ලි හී දී පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය ගත් ඉන්දියාව මේ වන විට තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

අද ආරම්භ වන තරගය සදහා කණ්ඩායම් දෙකෙන්ම වෙනස්කම් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව වෙනුවෙන් ෂ්රෙයස් අයියර් කැදවා ඇත්තේ සූර්යකුමාර් යාදව් වෙනුවටයි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මෙම තරගයේ දී දග පන්දු යවන ක්‍රීඩක Matthew Kuhnemann ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

එමෙන්ම ට්‍රැවිස් හෙඩ් කණ්ඩායමට කැදවා ඇත්තේ මැට් රේන්ෂෝ වෙනුවටයි. ස්කොට් බෝලන්ඩ් ද අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.

මෙම තරගය ඉන්දීය පිතිකරු චෙටස්වර් පුජාරා ක්‍රීඩා කරන තම සියවැනි ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්.

Australia XI:

D Warner, U Khawaja, S Smith, M Labuschagne, T Head, P Handscomb, A Carey (wk), P Cummins (c), T Murphy, N Lyon, M Kuhnemann.

India XI:

KL Rahul, R Sharma (c), C Pujara, V Kohli, S Iyer, S Bharat (wk), A Patel, R Ashwin, R Jadeja, M Shami, M Siraj.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...