ටමිම් ඉක්බාල් කැදවමින් වෙනස්කම් රැසක් සමග බංග්ලාදේශ එක්දින සංචිතය නම් කෙරේ

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග 2 සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

ආබාධයකට ලක්වීම හේතුවෙන් මෑතකදී ඉන්දියාවට එරෙහිව අවසන් වූ ටෙස්ට් හා එක්දින තරගාවලි සදහා ක්‍රීඩා නොකළ බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නිත්‍ය නායක ටමිම් ඉක්බාල් එංගලන්තයට එරෙහි සංචිතය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔහු අවසන් වරට ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ මීට මාස 6 කට පමණ පෙරයි.

ටමිම් ඉක්බාල් ඊයේ (16) නිමා වූ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ද ක්‍රීඩා කළ නමුත්, තරගාවලිය යටතේ සිය කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් තරග දෙක සදහා ඔහු ක්‍රීඩා නොකළේ එංගලන්ත තරගාවලිය අරමුණු කර ගනිමින් ඔහුව විවේක ගැන්වීමට ගෙන තිබූ තීරණය හේතුවෙන්.

මෙතෙක් එක්දින වරම් දිනා නොමැති Towhid Hridoy සංචිතය සදහා නම් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ටයිජුල් ඉස්ලාම් ද එක්දින සංචිතය සදහා යළි කැදවා තිබීම විශේෂත්වයක්.

ඉන්දීය එක්දින තරගාවලිය සදහා නම් කර සිටි යසීර් අලී, අනමුල් හක්, නුරුල් හසාන් හා නසුම් අහ්මඩ් මෙම තරගාවලිය සදහා නම් කර නැහැ.

එංගලන්ත කණ්ඩායම එළඹෙන 24 වැනිදා බංග්ලාදේශයට ළගා වීමට නියමිතව ඇත්තේ එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන්.

Squad:

Tamim Iqbal (C), Litton Kumar Das, Najmul Hossain Shanto, Shakib Al Hasan, Mushfiqur Rahim, Afif Hossain, Mahmud Ullah, Mehidy Hasan Miraz, Mustafizur Rahman, Taskin Ahmed, Hasan Mahmud, Ebadot Hossain Chowdhury, Taijul Islam, Towhid Hridoy

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...