Watch : නිපන්දුවකට බිලි වූ වෑග්නර්ගේ සුපිරි කඩුල්ල

Date:

නවසීලන්තය හා එංගලන්තය අතර Mount Maunganui හී දී අද ආරම්භ වූ දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ දී නෙයිල් වෑග්නර් විසින් දවා ගත් කඩුල්ලක්, එම පන්දුව නිපන්දුවක් වීම හේතුවෙන් අහිමි වී යාම ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත ඉනිමේ දෙවැනි පන්දුවාරයේ දී යි මෙම නිපන්දුව ඔහු විසින් යොමු කළේ.

එය මෙම තරගයේ දී වෑග්නර් යොමු කළ පළමු පන්දුව වූ අතර, එම පන්දුව පිතිකරුවා තුළට දෝලනය කරමින් කෙළින්ම කඩුල්ලේ වැදීමට සැලැස්වීමට ඔහු සමත් වුණා.

එම පන්දුවට මුහුණ දුන්නේ එංගලන්ත ආරම්භක පිතිකරු සැක් ක්‍රව්ලි.

කෙසේ වෙතත්, එම කඩුල්ල දවා ගැනීමෙන් පසුව තෙවන විනිසුරු විසින් එය නිපන්දුවක් ලෙස ප්‍රකාශ කිරීමත් සමග සැක් ක්‍රව්ලි තවදුරටත් පිටියේ රැදී සිටීමට වාසනාවන්ත වුණා.

කෙසේ වෙතත්, ඔහුට මෙම ඉනිමේ දී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 4 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...