පන්දුවාර 58 කදී එංගලන්තය ඉනිම අත්හිටුවයි ; නවසීලන්තය ලකුණු 288 ක් පිටුපසින්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(16) Mount Maunganui හී දී ආරම්භ වුණා.

දිවා රාත්‍රී තරගයක් වන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව පිතිකරණයේ නිරත වීමට පිටියට පිවිසි එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 325 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඔවුන් ක්‍රීඩා කළේ පන්දුවාර 58.2 ක් පමණයි.

ආරම්භක පිතිකරු බෙන් ඩකෙට් පන්දු 68 කින් වේගවත් ලකුණු 84 ක් ලබා ගත්තා. හැරී බෘෘක් ලකුණු 89 ක් රැස් කළේ පන්දු 81 කින්. ඔලී පෝප් ලකුණු 42 ක් හා බෙන් ෆෝක්ස් ලකුණු 38 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නෙයිග් වෑග්නර් ලකුණු 82 කට කඩුලු 4 ක් බිද හෙලුවා. ටිම් සවුති හා Scott Kuggeleijn අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්තය දිනය නිමා වන විට කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 37 ක්.

ඩෙවෝන් කොන්වේ නොදැවී ලකුණු 17 යි. පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 2 ක් හා ඔලී රොබින්සන් එක් කඩුල්ලක් දවා ගත්තා.

ඒ අනුව නවසීලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 288 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...