ඉන්දියාව පෙරමුණ ගැනීම තාක්ෂණික වරදක් ; අයි.සී.සීය සමාව ගනියි

Date:

අයි.සී.සී ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට ඉන්දීය කණ්ඩායම පත් වූ බවට ඊයේ(15) පස්වරුවේ දී අයි.සී.සී නිල වෙබ් අඩවියේ දර්ශනය වූයේ තාක්ෂණික වරදක් හේතුවෙන් බව ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පවසනවා.

ඒ හේතුවෙන් සිදු වූ අපහසුතාවය වෙනුවෙන් සමාව ඉල්ලා සිටින බවයි එම කවුන්සලය නිවේදනය කළේ.

ඊයේ පස්වරුවේ නිකුත් කෙරුණු අයි.සී.සී ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දියාව එහි පෙරමුණ ගෙන සිටියේ ශ්‍රේණිගත ලකුණු 115 ක් සමගින්.

ඔස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයේ රැදී සිටියේ ශ්‍රේණිගත ලකුණු 111 ක් හිමි කර ගනිමින්.

කෙසේ වෙතත්, වත්මන් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාවට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණයේ වෙනසක් සිදුව නොමැති නමුත්, ඔස්ට්‍රේලියාවේ ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 126 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පැය කිහිපයක් පමණක් එහි පෙරමුණේ පසු වූ ඉන්දියාව දෙවැනි ස්ථානයේත්, ඔස්ට්‍රේලියාව පළමු ස්ථානයේත් පසුවනවා.

මේ අතර, ඔස්ට්‍රේලියාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දු යැවීමෙන් විශිෂ්ඨ දක්ෂතා දැක් වූ රවිචන්ද්‍රන් අශ්වින් හා රවීන්ද්‍ර ජඩේජා ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබෙනවා.

එම තරගයේ දී කඩුලු 8 ක් දවා ගත් 36 හැවිරිදි අශ්වින් මේ වන විට ශ්‍රේණිගත ලකුණු 846 ක් සමගින් දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

පළමු ස්ථානයේ පසුවන පැට් කමින්ස්ට වඩා ඔහු පිටුපසින් පසුවන්නේ ශ්‍රේණිගත ලකුණු 21 ක් පමණයි.

මේ අතර, පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු 7 ක් බිද හෙලූ රවීන්ද්‍ර ජඩේජා පන්දු යවන්නන් අතර මේ වන විට 16 වැනි ස්ථානයේ රැදී සිටින්නේ ශ්‍රේණිගත ලකුණු 702 ක් හිමි කර ගනිමින්.

එම තරගයේ දී ශතකයක් වාර්තා කළ ඉන්දීය නායක රෝහිට් ෂර්මා පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද සමත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...