බබාර් අසාම් මෙවරත් ප්‍රාන්ත පිටියට

Date:

පාකිස්තාන පිතිකරු බබාර් අසාම් බ්‍රිතාන්‍යයේ සමර්සෙට් කණ්ඩායම වෙනුවෙන් මෙවර ප්‍රාන්ත 20යි 20 තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට තිරණය කර තිබෙනවා.

ඒ, කොරෝනා වසංගත අර්බුදයත් සමග විදෙස් ක්‍රීඩකයින් රැසකට එරට ප්‍රාන්ත කණ්ඩායම් සමග පවතින ගිවිසුම් අහිමි වූ පසුබිමක් යටතේයි.

මේ වන විටත් පාකිස්තාන කණ්ඩායම එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින අතර, බබාර් අසාම් ලබන දෙවනදා සමර්සෙට් කණ්ඩායම සමගින් එක් වීමට නියමිත බව සදහන්.

ඔහු ඔක්තෝම්බර් 4 වනදා දක්වා එම කණ්ඩායම සමග රැදී සිටිනු ඇති.

පසුගිය ප්‍රාන්ත තරගවාරයේ දී ද සමර්සෙට් කණ්ඩායම නියෝජනය කළ බබාර් අසාම් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත් වුණේ තරග 13කදී ලකුණු 578ක් ලබා ගනිමින්.

ඉනිමක සාමාන්‍ය සටහන් වූයේ 52ක් ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...