ඉන්දියාව හා පාකිස්තානය ජය ලබද්දී ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ගැටුම අද

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තෙවැනි තරගය අද(16) පැවැත්වෙනවා.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30 ට Gqeberha හී දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව මෙවර තරගාවලියේ දී මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින් අපරාජිතව රැදී සිටින අතර, ප්‍රසාද ලකුණු සටහනේ පළමු කාණ්ඩයේ පෙරමුණ ඔස්ට්‍රේලියාවටත්, දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවටත් හිමිව තිබෙනවා.

මේ අතර, තරගාවලිය යටතේ ඊයේ (15) පැවැති තරගවලින් ජය ගැනීමට ඉන්දියාව හා පාකිස්තානය සමත් වුණා.

කේප් ටවුන් හී දී පැවැති තරගාවලියේ 9 වැනි තරගයේ දී ඉන්දියාව හමුවේ කඩුලු 6කින් පරාජයට පත් වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 6 ක් දැවී ලකුණු 118 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩිකාවන් ඉනිම නිමා වීමට පන්දු 11 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තරගාවලියේ 10 වැනි තරගය පාකිස්තානය හා අයර්ලන්තය අතර පැවැත්වුණේ ද කේප් ටවුන් හී දී යි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 165 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 16.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 95 ක් පමණයි.

ඒ අනුව එම තරගයෙන් පාකිස්තානයට ලකුණු 70 ක ජයක් හිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...