කොදෙව් එක්දින හා 20යි 20 නව නායකයින් දෙදෙනා නිවේදනය කෙරේ

Date:

බටහිර ඉන්දීය කොදෙව් සීමිත පන්දුවාර කණ්ඩායම්වල නව නායකයින් එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව කොදෙව් එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස පත් කර ඇත්තේ කඩුලු රකින පිතිකරු ෂේයි හෝප්.

එරට 20යි 20 කණ්ඩායමේ නව නායකයා ලෙස පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩක රොව්මන් පවෙල් කටයුතු කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ පැවැති පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව පසුගිය නොවැම්බර් මාසයේ දී සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වූ නිකලස් පූරාන් වෙනුවටයි මෙම පත් කිරීම් සිදු කර ඇත්තේ.

එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරයට අයත් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියෙන් පසුව දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ද ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත අතර, එම තරගාවලි මෙම නව නායකයින්ගේ පළමු අභියෝගය බවට පත් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...