ලෝක කුසලානයේ දී බංග්ලාදේශ ක්‍රීඩිකාවකට තරග පාවාදීමට තවත් ක්‍රීඩිකාවකගෙන් යෝජනාවක්

Date:

දකුණු අප්‍රිකාවේ මේ දිනවල පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී බංග්ලාදේශ ක්‍රීඩිකාවකට තවත් ක්‍රීඩිකාවකගෙන් තරග පාවාදීම (spot-fixing) සදහා යෝජනාවක් ලැබී ඇති බව බංග්ලාදේශ මාධ්‍ය ආයතනයක් වාර්තා කර තිබෙනවා.

ඩකාහි Jamuna TV නම් රූපවාහිනී නාලිකාව විසින් අදාළ ක්‍රීඩිකාවන් දෙදෙනා අතර සිදු වන සංවාදයක හඩපට ද ප්‍රචාරය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

තරග පාවාදීමට යෝජනාව සිදු කර ඇති ක්‍රීඩිකාව මේ වන විට බංග්ලාදේශයේ රැදී සිටින බව සදහන්.

ඇය ද මෙම ක්‍රියාවලියේ අතරමැදියෙකු ලෙස කටයුතු කරන බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, තරග පාවාදීම සදහා සිදු කෙරුණු යෝජනාව දකුණු අප්‍රිකාවේ මේ වන විට බංග්ලාදේශ කණ්ඩායම සමග රැදී සිටින ක්‍රීඩිකාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලයේ දූෂන මර්දන ඒකකය වෙත දැනුම් දුන් බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙලෙස තරග පාවාදීම සදහා යෝජනාවක් සිදු කර ඇත්තේ Shohely Akhter ක්‍රීඩිකාව විසින් Lata Mondal ක්‍රීඩිකාව වෙත බව සදහන්.

කෙසේ වෙතත්, එල්ල වන චෝදනා Shohely Akhter විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...