රදැල්ල යළි සූදානම් ; ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් හෙට රදැල්ලට

Date:

නුවරඑළිය රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය මේ වන විට යළි ප්‍රතිසංස්කරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන නවසීලන්ත තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින්ට පුහුණුවීම් කටයුතු සිදු කිරීම සදහා එම ක්‍රීඩාංනනය මේ වන විට සූදානම්ව පවතින බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ක්‍රීඩාංගණයේ හිමිකරුවන් වන ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජික දිඹුල මලල ක්‍රීඩා හා ක්‍රිකට් සමාජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇති වූ එකඟතාවයකින් පසුවයි මෙම ක්‍රීඩාංගනයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ පහසුකම් කලමනාකරු ගොඩ්ෆි දාබරේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් 20 දෙනෙකුගෙන් යුත් අත්දැකීම් බහුල ක්‍රීඩාංගන කලමානකරණ කණ්ඩායමක් රදැල්ල ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබෙනවා.

ප්‍රතිසංස්කරණවලින් පසුව මේ වන විට ක්‍රීඩාංගණය සතුව ප්‍රධාන තණතීරු 4 ක් හා අලුතින් එක් කරන ලද පුහුණු තණතීරු පහක් පවතිනවා.

ඒ අනුව නවසීලන්තයේ තත්ත්වයන්ට සමාන තත්ත්වයන් පවතින රදැල්ල ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සතියක පුහුණු කදවුරකට එක් වීමට නියමිත අතර, ඊට එක්වීම සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හෙට (16) රදැල්ල වෙත පිටත්ව යාමට නියමිතයි.

1856 වසරේ දී සකස් කෙරුණු රදැල්ල ක්‍රීඩාංගනය මුහුදු මට්ටමේ සිට අඩි 4,200 ක් උසින් පිහිටා තිබෙනවා.

ජාතික මට්ටමේ ක්‍රිකට් තරග සදහා එම ක්‍රීඩාංගනයේ පවතින සුදුසුකම් පරීක්ෂා කිරීම සදහා පසුගිය සතියේ දී පුහුණු තරගයක් ද පවත්වා තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...