ශ්‍රී ලංකා A පරදා එංගලන්ත ලයන්ස් පිලට කඩුලු 4 ක ජයක්

Date:

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ලයන්ස් කණ්ඩායම අද(15) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 45.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 230 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලයන්ස් කණ්ඩායම පන්දුවාර 40.2 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ශ්‍රී ලංකා A ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක සධීර සමරවික්‍රම පන්දු 86 කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 74 ක්. ඔහුගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 4ක් පමණයි.

සහන් ආරච්චිගේ ලකුණු 57 ක් ද, චාමික කරුණාරත්න ලකුණු 52(48) ක් ද රැස් කළා. ඇන්ජෙලෝ මැතිව්ස්ට ලබා ගත හැකි වූයේ ලකුණු 13 ක් පමණයි. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු රැස් කිරීමට පෙර දැවී ගියා.

පන්දු යැවීමේ දී සකිබ් මහ්මූද් ලකුණු 27 කට කඩුලු 3 ක් දවා ගත්තා. සෑම් කුක් හා ජෙකොබ් බෙතෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ලයන්ස් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී සෑම් හෙයින් ලකුණු 52 ක් ද, ජෙකොබ් බෙතෙල් ලකුණු 50 ක් ද, ජෝර්ඩ්න් කොක්ස් ලකුණු 46 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත ලකුණු 56 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ප්‍රවින් ජයවික්‍රම ලකුණු 52 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...