ගුඩකේෂ්ගේ කඩුලු 13 කොදෙව්වන්ට ඉනිමක ජයක් හිමි කර දෙයි

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් හා ලකුණු 4 කින් ජය ගනිමින් දෙරට අතර පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(14) සමත් වුණා.

බුලවායෝ හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 115 ක් පමණක් රැස් කළා.

Innocent Kaia ලකුණු 38 යි. පන්දු යැවීමේ දී Gudakesh Motie ලකුණු 37 කට කඩුලු 7ක් දවා ගත්තා.

පිළිතුරු ලෙස කොදෙව්වන් සිය පළමු ඉනිමට ලකුණු 292 ක් රැස් කිරීමට සමත් වුණා. රොස්ටන් චේස් ලකුණු 70 ක් ලබා ගත් අතර, Raymon Reifer ලකුණු 53 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Victor Nyauchi ලකුණු 56 කට කඩුලු 5 ක් බිද හෙලුවා.

සිම්බාබ්වේ කණ්ඩායමට සිය දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 173 ක් පමණයි.

නායක ක්‍රෙයිග් අර්වින් ලකුණු 72 ක් ද, Innocent Kaia ලකුණු 43 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී Gudakesh Motie ලකුණු 62 කට කඩුලු 6 ක් බිද හෙලුවා. Motie මෙම තරගයේ දී බිද හෙලූ කඩුලු ගණන 13 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...