#සෙල්ලමඉවරයි : ඉන්දීය ක්‍රීඩකයින් යෝග්‍යතාවය සදහා එන්නත් ගැනීමේ සම්පූර්ණ කතාව මෙන්න

Date:

තරග ක්‍රීඩා කිරීම සදහා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු නොවන ඉන්දීය ක්‍රීඩකයින් එන්නත් ලබා ගනිමින් තරග ක්‍රීඩා කරන බවට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු සභාපති චේතන් ෂර්මා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඉන්දියාවේ Zee මාධ්‍ය නාලිකාව විසින් අනාවරණය කර තිබෙනවා.

Zee මාධ්‍ය නාලිකාවේ රහසිගත කැමරාවක් විසින් පටිගත කර ඇති රූපරාමු ඔස්සේ මෙම තොරතුරු හෙළි කිරීමටයි එම මාධ්‍ය ආයතනය කටයුතු කර ඇත්තේ.

එහිදී ඉන්දීය ක්‍රීඩකයින් ව්‍යාජ යෝග්‍යතා එන්නත් ලබා ගැනීම, සෞරව් ගංගුලි සහ විරාත් කෝලි අතර මතභේදයට සැබෑ හේතුව, කණ්ඩායමෙන් ක්‍රීඩකයින් ඉවත් කිරීමට වගකිව යුතු පුද්ගලයින් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් හා තවත් තොරතුරු රැසක් අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව, ඉන්දීය ක්‍රීඩකයින් විසින් තමන් 80% ක පමණ ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුව ද ඔවුන් තරග ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බවයි චේතන් ෂර්මා සදහන් කර ඇත්තේ.

එන්නත් ලබා ගනිමින් ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් කටයුතු කළ ද, එය තහනම් උත්තේජක පරීක්ෂණවලට හසු නොවන බව ඔහු පෙන්වා දී තිබෙනවා.

“ක්‍රීඩකයින් ශාරීරික යෝග්‍යතාවයකින් පසු නොවුණත්, ඔවුන් ක්‍රීඩා කරන්න එන්නත් ලබා ගන්නවා. 80% ක ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුණත්, එයාලා සූදානම් ක්‍රීඩා කරන්න. ඔවුන් එන්නත් ලබා ගන්නවා, ක්‍රීඩා කරනවා” යනුවෙන් තේරීම් කමිටු සභාපතිවරයා සදහන් කරනවා.

“නෑ, වේදනා නාශක නෙවෙයි. එයාලා එන්නත් ලබා ගන්නවා, ඒවා හදුනා ගන්න බොහොම අමාරුයි.”

ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයින් පවා මෙම එන්නත් ලබා ගැනීම සිදු කරන බවත්, ඒ සදහා ක්‍රීඩකයින්ට ඔවුන්ගේ අභිමතය පරිදි ක්‍රිකට් ක්‍රීඩාවෙන් පිට ඔවුන්ගේම වෛද්‍යවරු සිටින බවත්, මෙහිදී අනාවරණය කෙරුණා.

තේරීම් සිදු කරන අවස්ථාව වන විට ක්‍රීඩකයින් 80% – 85% ක් පමණ ශාරීරික යෝග්‍යතාවයකින් පසු නොවන නමුත්, ඔවුන් තමන්ව තේරීම් සදහා සලකා බලන ලෙස ඉල්ලා සිටින බවයි චේතන් ෂර්මා සදහන් කරන්නේ.

ක්‍රීඩා කිරීම සදහා ක්‍රීඩකයින් 100% ක යෝග්‍යතාවයකින් පසු නොවුණ ද, ජාතික ක්‍රිකට් ඇකඩමිය (NCA) විසින් ඔවුන්ට යෝග්‍යතාවය ඇති බවට සහතිකයක් ලබා දෙන බව ද ෂර්මා අනාවරණය කළා.

“වෛද්‍ය පරීක්ෂණවලින් ක්‍රීඩකයින්ට සමත් වෙන්න බැරි වුණත් ඔවුන්ට තරග මගහරවා ගන්න අවශ්‍ය නැහැ. වේදනා නාශක තහනම් උත්තේජක පරීක්ෂනවලට හසු වන බැවින් ඔවුන් මේ එන්නත් ලබා ගන්නවා.” 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...