චමරි අතපත්තු පිතිකාරිණියන් අතර ඉදිරියට

Date:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු හා ඔස්ට්‍රේලියාවේ Alyssa Healy නවතම අයි.සී.සී කාන්තා පන්දුවාර 20යි 20 පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ඒ, මේ දිනවල දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව Alyssa Healy පිතිකාරිණියන් අතර ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇත්තේ 7 වැනි ස්ථානය දක්වායි.

චමරි අතපත්තු පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව ඇය මේ වන විට 9 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේ දී ලකුණු 68 ක් රැස් කළ චමරි අතපත්තු මේ වන විට මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය බවට පත්ව ඇත්තේ ලකුණු 83 ක් ලබා ගනිමින්.

මේ අතර, ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම ශ්‍රේණිගත කිරීම්හි 43 වැනි ස්ථානය දක්වා ස්ථාන 9 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

එමෙන්ම පන්දු යවන්නියන් ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානය දක්වා ස්ථාන 11 කින් ඉදිරියට පැමිණීමට ඉනෝකා රණවීර සමත්ව තිබීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...