ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු මුදල් ඉහළට

Date:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ලබා දෙන තරග ගාස්තු ප්‍රමාණය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනය අද(14) නිවේදනය කළේ පසුගිය 31 වැනිදා පැවැති විධායක කමිටු රැස්වීමකදී එම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව එක්දින හා 20යි 20 තරගයක් සදහා ක්‍රීඩිකාවක් වෙනුවෙන් මෙතෙක් ගෙවනු ලැබූ අමෙරිකානු ඩොලර් 250 ක මුදල අමෙරිකානු ඩොලර් 750 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

සංචිතයේ රැදී සිටින සෙසු ක්‍රීඩිකාවන්ට තරග ගාස්තුවෙන් 25% ක මුදලක් හිමි වන බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහනය කරන සෑම තරගයක් සදහාම එක් ක්‍රීඩිකාවකට අමෙරිකානු ඩොලර් 250 ක දීමනාවක් ද හිමි වීමට නියමිතයි.

මෙම තීරණය පසුගිය ජනවාරි පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මකයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...