අනුෂ්කා සංජීවනීට අයි.සී.සීයෙන් දඩ

Date:

මෙවර කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව පසුගියදා පැවැති තරගයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහයේ පළමු මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනීට තරග ගාස්තුවෙන් 15% ක දඩ මුදලක් නියම කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

ඇය විසින් ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

දඩ නියම කිරීමට අමතරව අනුෂ්කා සංජීවනීගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද ඇතුළත් කර තිබෙනවා.

බංග්ලාදේශයට එරෙහි තරගයේ බංග්ලාදේශ ඉනිමේ 10 වැනි පන්දුවාරයේ දී Sobhana Mostary දැවී යාමෙන් පසුව අනුෂ්කා සංජීවනී විසින් එම කඩුල්ල සැමරීමේ දී දැවී ගිය පිතිකාරිණිය දෙසට ආවේගශීලී අයුරින් පැමිණෙමින් විනය විරෝධී ලෙස කටයුතු කළ බවටයි චෝදනා එල්ල වුණේ.

සිය වරද හා තරග තීරකවරිය ලෙස කටයුතු කළ GS Lakshmi විසින් පැනවූ දඩුවම ඇය විසින් පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...