WPL Auction : මන්දනාට කෝටි 15 ක වටිනාකමක් ; පළමු කාණ්ඩයෙන් අලෙවි වූ ක්‍රීඩිකාවන් මෙන්න

Date:

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකාවන් මිලදී ගැනීමේ වෙන්දේසිය මේ වන විට මුම්බායි හී දී පැවැත්වෙනවා.

ක්‍රීඩිකාවන් 1,525 දෙනෙකු වෙන්දේසිය සදහා ලියාපදිංචි වී තිබුණ ද, ඉන් ක්‍රීඩිකාවන් 409 දෙනෙකු පමණක් වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙනවා.

වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ද ඉදිරිපත් කරන බවයි තරගාවලියේ සංවිධායකයින් සදහන් කළේ.

මේ වන විට වෙන්දේසියේ පළමු කාණ්ඩයේ ක්‍රීඩිකාවන් අලෙවි කිරීමේ කටයුතු අවසන්ව ඇති අතර, එම කාණ්ඩයේ දී ඉහළම මිලක් යටතේ අලෙවි වුණේ ඉන්දීය ක්‍රීඩිකා ස්ම්රිති මන්දනා.

ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මූලික වටිනාකමක් යටතේ ඇය වෙන්දේසියට ඉදිරිපත්ව සිටි අතර, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 3.4 ක ලංසු මුදලකටයි ඇයව මිලදී ගනු ලැබුවේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 15ක පමණ අගයක් වනවා.

දෙවැනි වැඩිම වටිනාකමක් යටතේ අලෙවි වූයේ ඔස්ට්‍රේලියාවේ Ashleigh Gardner. ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම විසින් ඇයව ඉන්දීය රුපියල් කෝටි 3.2 ක මුදලකට මිලදී ගනු ලැබුවා.

මෙම කාණ්ඩයට ඇතුළත්ව සිටි කොදෙව් ක්‍රීඩිකා Hayley Matthews කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගනු ලැබුවේ නැහැ.

පළමු කාණ්ඩයෙන් අලෙවි වූ ක්‍රීඩිකාවන් –

  • Smriti Mandhana – 3.4 Crore : RCB
  • Harmanpreet Kaur – 1.8 Crore : MI
  • Sophie Devine – 50 Lakh : RCB
  • Ashleigh Gardner – 3.2 Crore : Gujarat Giants
  • Ellyse Perry – 1.7 Crore : RCB
  • Sophie Ecclestone – 1.8 Crore : UP Warriorz

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...