WPL Auction : චමරි අතපත්තු වෙන්දේසියේ දී අලෙවි නොවේ

Date:

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකාවන් මිලදී ගැනීමේ වෙන්දේසිය මේ වන විට මුම්බායි හී දී පැවැත්වෙනවා.

උපරිම වශයෙන් ක්‍රීඩිකාවන් 90 දෙනෙකු අලෙවි කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම වෙන්දේසිය සදහා අද දිනයේ දී ක්‍රීඩිකාවන් 409 දෙනෙකු ඉදිරිපත් කෙරෙනවා.

වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ද ඉදිරිපත් කෙරෙන අතර, ඉන් පළමුව ඉදිරිපත් කෙරුණේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු.

ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 132 ක් පමණ) මූලික වටිනාමක් යටතේයි ඇය වෙන්දේසියට ඉදිරිපත් වුණේ.

Also Read : මන්දනාට කෝටි 15 ක වටිනාකමක් ; පළමු කාණ්ඩයෙන් අලෙවි වූ ක්‍රීඩිකාවන් මෙන්න

කෙසේ වෙතත්, ඇයව වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු පළමු අවස්ථාවේ දී මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...