ඉන්දු – ඔස්ට්‍රේලියා තෙවැනි ටෙස්ට් තරගය ගැන ගත් තීරණය මෙන්න

Date:

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ඉන්දෝර් හි Holkar ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මාර්තු පළමු වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත එම තරගය මීට පෙර පැවැත්වීමට නියමිතව තිබුණේ ධරම්සාලා ක්‍රීඩාංගනයේ දී යි.

කෙසේ වෙතත්, ධරම්සාලා ක්‍රීඩාංගනයේ මෑතකාලීනව සිදු කළ ප්‍රතිසංස්කරණවලින් පසුව ජාත්‍යන්තර තරග පැවැත්වීම සදහා ක්‍රීඩාංගනය තවමත් සුදුසු මට්ටමක නොමැති බැවින් මෙලෙස වෙනත් ක්‍රීඩාංගනයකදී එම තරගය පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

කලාපයේ පවතින දැඩි ශීත කාළගුණ තත්ත්වය ද මෙම තීරණය ගැනීමට හේතු වූ බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

ධරම්සාලා හීදී අවසන් වරට ජාත්‍යන්තර තරගයක් පැවැත්වුණේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...