මෙන්ඩිස්ගේ කැපිටල්ස් පරදා SA 20 ශූරතාවය සන්රයිසස් කණ්ඩායමට

Date:

දකුණු අප්‍රිකාවේ පැවැති SA 20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට අද(12) පැවැති අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කළ ප්‍රෙටෝරියා කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කළ සන්රයිසස් ඊස්ටර්න් කේප් කණ්ඩායම සමත් වුණා.

ජොහැනස්බර්ග් හි වොන්ඩරස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය පරාජයට පත් වීමෙන් පසුව පළමුවෙන් පන්දුවට පහර දුන් කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 135 ක් පමණයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 21 කට දැවී ගියා. පන්දු 19 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහරක් ඇතුළත්.

රයිලී රොසෝව් හා ජේම්ස් නීෂම් ලකුණු 19 බැගින් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Roelof van der Merwe ලකුණු 31 කට කඩුලු 4ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් ඊස්ටර්න් කේප් කණ්ඩායම පන්දුවාර 16.2 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 137 ක් ලබා ගනිමින් කඩුලු 4කින් තරගයේ ජය තහවුරු කර ගත්තා.

ඇඩම් රොසින්ග්ටන් ලකුණු 57 ක් පන්දු 30 කින් රැස් කළා. නායක ඒඩ්න් මාක්‍රම් ලකුණු 26 ක් හා ජෝර්ඩන් හර්මන් ලකුණු 22 ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේ දී අන්රික් නොකියා ලකුණු 21 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...