කාන්තා T20 ලෝක කුසලානයේ දෙවැනි තරගයෙන් එංගලන්තයට කඩුලු 7ක පහසු ජයක්

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කාන්තා කණ්ඩායම අද(11) සමත් වුණා.

Paarl හී දී පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 7 ක් දැවී ලකුණූ 135 ක් ලබා ගත්තා.  නායිකා Hayley Matthews ලකුණු 42 ක් රැස් කළ අතර, Shemaine Campbelle ලකුණු 34 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Sophie Ecclestone ලකුණු 23 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 14.3 ක් පමණක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Nat Sciver-Brunt නොදැවී ලකුණු 40 ක් හා Sophia Dunkley ලකුණු 34 ක් ලබා ගත්තා. Heather Knight නොදැවී ලකුණු 32 යි.

පන්දු යැවීමේ දී Chinelle Henry ලකුණු 30 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...