SA 20 තරගාවලියේ අවසන් මහා තරගය කල් දැමේ

Date:

අද(11) පැවැත්වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට(12) දිනය දක්වා කල් දැමීමට තරගාවලියේ සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ, තරගය පැවැත්වීමට නියමිතව තිබූ ජොහැනස්බර්ග් හි වොන්ඩරස් ක්‍රීඩාංගනය අවට ප්‍රදේශයේ පවතින වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්.

SA 20 තරගාවලියේ පළමු අදියරේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ඇත්තේ Pretoria Capitals කණ්ඩායම හා Sunrisers Eastern Cape කණ්ඩායමයි.

ජොහැනස්බර්ග් ප්‍රදේශයට පසුගිය දිනවලදී දිගින් දිගටම වර්ෂාව සහිත කාළගුණ තත්ත්වයක් පැවැති නමුත්, ඉරිදා දිනයේ දී එම ප්‍රදේශයට යහපත් කාළගුණ තත්ත්වයක් පවතිනු ඇති බවට අනාවැකි පලවී තිබෙනවා.

අවසන් මහා තරගය එරට වේලාවෙන් පස්වරු 1.30, එනම් මෙරට වේලාවෙන් පස්වරු 5 ට ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...