ඉන්දු – ඔස්ට්‍රේලියා තෙවැනි ටෙස්ට් තරගයේ වෙනසක් සිදු වන ලකුණු

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 4කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගනයේ වෙනසක් සිදුවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම තරගය මාර්තු පළමු වැනිදා සිට 5 වැනිදා දක්වා ධරම්සාලා හී දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

කෙසේ වෙතත්, එම ක්‍රීඩාංගනයේ මෑතකාලීනව සිදු කළ ප්‍රතිසංස්කරණවලින් පසුව ජාත්‍යන්තර තරග පැවැත්වීම සදහා ක්‍රීඩාංගනය තවමත් සුදුසු මට්ටමක නොමැති බව සදහන්.

ඒ අනුව ක්‍රීඩාංගනය පරීක්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුව ඉදිරි දින කිහිපයේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කරනු ඇති.

ධරම්සාලා හී දී තරගය පැවැත්වීමට නොහැකි වුවහොත්, විසාකාපට්නම්, රාජ්කොට්, පූනේ හෝ ඉන්දෝර් හී දී තෙවැනි ටෙස්ට් තරගය පැවැත්වීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය මේ වන විට යොමුව තිබෙනවා.

ධරම්සාලා හීදී අවසන් වරට ජාත්‍යන්තර තරගයක් පැවැත්වුණේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...