Watch : පන්දුව නිදැල්ලේ යැවූ ජඩේජාට වුණ දේ

Date:

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර නාග්පූර්හීදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(11).

අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 321 ක්. ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 400 ක් රැස් කළා.

ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු 177 ට පිළිතුරු වශයෙන්. ඒ අනුව ඉන්දියාව පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 223 ක්.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ රවීන්ද්‍ර ජඩේජා. ඔහු ලකුණු 70 ක් ලබා ගත්තේ පන්දු 185 කට මුහුණ දෙමින්. ජඩේජාගේ ඉනිමට හතරේ 9 ක් ඇතුළත් වුණා.

රවීන්ද්‍ර ජඩේජා දැවී ගියේ මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ටොඩ් මර්ෆිගේ (Todd Murphy) 6 වැනි ටෙස්ට් කඩුල්ල බවට පත් වෙමින්.

මර්ෆි විසින් යොමු කළ පන්දුවක් නිදැල්ලේ යැවීමට උත්හාස කිරීමේ දී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ජඩේජාට යළි ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදු වුණේ.

එම කඩුල්ලේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...