ලෝක කුසලානය අරඹමින් ශ්‍රී ලංකාව අද තරග බිමට

Date:

2023 කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද(10) දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වනවා.

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 10.30 ට කේප් ටවුන් හී Newlands ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව හැරුණු විට, මෙවර තරගාවලියේ දී පළමු කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා බංග්ලාදේශය ද තරග කිරීමට නියමිතව තිබෙනවා.

දෙවැනි කාණ්ඩයට අයත් රටවල් වන්නේ ඉන්දියාව, එංගලන්තය, අයර්ලන්තය, පාකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් යන රටවල්.

ලෝක කුසලානය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි තරගය එළඹෙන 12 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත්, තෙවැනි තරගය එළඹෙන 16 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිවත් පැවැත්වීමට නියමිතයි.

එළඹෙන 19 වැනිදා ශ්‍රී ලංකා කාන්තා පිල තරග බිමට පිවිසෙන්නේ නවසීලන්තයට එරෙහිවයි.

තරගාවලියේ අවසන් මහා තරගය පෙබරවාරි 26 වැනිදා Newlands ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...