Watch : තියුණු දග කැවීමකින් ප්‍රවීන් දවා ගත් සුපිරි කඩුල්ල

Date:

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි (10).

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 202 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 356 ක්.

ඒ අනුව එංගලන්ත ලයන්ස් කණ්ඩායමට දෙවැනි ඉනිමේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 284 ක ඉලක්කයක් හිමි වුණා.

එම ලකුණු සංඛ්‍යාව හඹා යාමේ දී ලයන්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 18 දී බිද වැටුණේ ඇලෙක්ස් ලීස් ලකුණු 9 කට දැවී යාමත් සමගයි.

ප්‍රවීන් ජයවික්‍රම විසින් එම කඩුල්ල දවා ගත්තේ ඔහු යොමු කළ ඉතා තියුණු දග කැවීමක් සහිත පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමට සළස්වමින්. (එහි දර්ශන පහතින් නරඹන්න)

ගාලු ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 332 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ලයන්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 405 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...