අවිශ්කගෙන් හා අහාන්ගෙන් ශතක

Date:

ජාතික සුපර් ලීග් (National Super League) සිව්දින ක්‍රිකට් තරගාවලියේ 7 වැනි හා 8 වැනි තරග අද(9) ආරම්භ වුණා.

7 වැනි තරගය හම්බන්තොට දී පැවැත්වෙන්නේ කොළඹ හා ගාල්ල කණ්ඩායම් අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට කොළඹ කණ්ඩායම තීරණය කළ අතර, ඔවුන් අද දිනය නිමා වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 287 ක් ලබා සිටියා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 150 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 21 ක් සමගින්. දිමුත් කරුණාරත්න ලකුණු 4 කට දැවී ගියා. රොෂේන් සිල්වාට රැස් කිරීමට හැකි වූයේ ද ලකුණු 4 ක් පමණයි.

දුෂාන් විමුක්ති ලකුණු 40 කට දැවී ගිය අතර, නිසල තාරක ලකුණු 55 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු යැවීමේ දී කවිශ්ක අංජුල කඩුලු 2 ක් බිද හෙලුවා.

තරගාවලියේ 8 වැනි තරගය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන්නේ මහනුවර හා යාපනය කණ්ඩායම් අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ යාපනය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 265 ක් ලබා ගත්තා.

අහාන් වික්‍රමසිංහ ලකුණු 101 ක් රැස් කළේ පන්දු 108 කින්. හයේ පහරක් හා හතරේ පහර 13ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී ශශික දුල්ෂාන් කඩුලු 4 ක් හා බිනුර ප්‍රනාන්දු කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන යාපනය පිල අද දිනයට තරගය අත්හිටුවන විට කඩුලු 3 ක් දැවී ලකුණු 93 ක් ලබා සිටියා.

නවෝද් පරණවිතාන ලකුණු 45 කට දැවී ගිය අතර, පන්දු යැවීමේ දී ලහිරු කුමාර කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...