Watch : ජඩේජා පන්දුව පළුදු කළා ද? ඇත්ත සිද්ධිය තරග තීරකට දැනුම් දෙයි

Date:

ඔස්ට්‍රේලියාව සමග ඊයේ(9) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී පන්දු යවමින් සිටින අතරවාරයේ දී ඉන්දීය ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා පන්දුව පළුදු කළ බවට චෝදනා නගමින් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 120 ක් ලබා සිටින අවස්ථාවේ දී යි ඔහු මෙම ක්‍රියාව සිදු කළ බවට පාර්ශව රැසකින් චෝදනා නගා ඇත්තේ.

ඒ වන විටත් රවීන්ද්‍ර ජඩේජා විසින් මර්නස් ලබුෂේන්, මැට් රේන්ෂෝ හා ස්ටීවන් ස්මිත්ගේ කඩුලු දවා ගෙන තිබුණා.

අදාළ වීඩියෝවට සම්බන්ධ සිද්ධිය පිළිබද ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින් තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් වෙත කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ඊයේ දිනයට තරගය නතර කිරීමෙන් පසුවයි මෙම කරුණු පැහැදිලි කිරීම සිදු කර ඇත්තේ.

ඒ අනුව කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් තරග තීරකවරයාට සදහන් කර ඇත්තේ රවීන්ද්‍ර ජඩේජා විසින් වේදනා නාශක අලේපයක් එම අවස්ථාවේ දී සිය පන්දු යවන අතෙහි ඇගිල්ලක අලේප කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නිල වශයෙන් ඔහුට එරෙහිව චෝදනාවක් ගොණු වී නොමැති බව සදහන්.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ක්‍රිකට් නීති ප්‍රකාරව පන්දු යවන්නා තම අත්වලට යම් ද්‍රව්‍යයක් යොදා ගන්නේ නම් ඒ සදහා විනිසුරුගේ අවසරය අවශ්‍ය වනවා.

මාස 5ක පමණ කාලයක් ආබාධයක් හේතුවෙන් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ජඩේජා ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී ලකුණු 47 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා.

සිද්ධියට අදාළ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...