පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර බුලවායෝ හී දී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ(8) නිමා වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 272 ක ඉලක්කයක් කොදෙව්වන් විසින් සිම්බාබ්වේ පිලට ලබා දුන් නමුත්, තරගයේ අවසන් දිනය වූ ඊයේ දිනය නිමා වන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 134 ක්.

Chamu Chibhabha ලකුණු 31 ක් රැස් කළ අතර, Innocent Kaia හා Tafadzwa Tsiga(නොදැවී) ලකුණු 24 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Gudakesh Motie ලකුණු 50 කට කඩුලු 4 ක් ද, රොස්ටන් චේස් ලකුණු 9 කට කඩුලු 2 ක් ද බිද හෙලුවා.

පස්වැනි දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 21 ක්. ඔවුන් කඩුලු 5 ක් දැවී ලකුණු 203 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

රෙයිමන් රෙයිෆර් ලකුණු 58 ක් හා ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 57 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී වෙලින්ටන් මසකඩ්සා කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් සිය පළමු ඉනිම සදහා කඩුලු 6 ක් දැවී ලකුණු 447 ක් රැස් කළ අතර, පිළිතුරු වශයෙන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 379 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...