අසිෆ් අෆ්රිඩිට එරෙහිව වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂන මර්දන සංග්‍රහයේ වගන්ති දෙකක් උල්ලංඝනය කිරීම හේතුවෙනුයි ඔහුට මෙම තහනම පනවා ඇත්තේ.
36 හැවිරිදි වමත් දග පන්දු යවන ක්‍රීඩක අසිෆ් අෆ්රිඩිට තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවූ පසුගිය සැප්තැම්බර් 12 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම වසර දෙකක තහනම පනවා තිබෙනවා.
2022 පාකිස්තාන කුසලාන තරගාවලියේ දී Khyber Pakhtunkhwa කණ්ඩායම නියෝජනය කරන අතරවාරයේ දී ඔහු අතින් මෙම වරදවල් සිදුව ඇති බව සදහන්.
වසර දෙකක තහනමක් පැනවීම සදහා හේතු වූ ඔහු සිදු කළ වරද කුමක්දැයි නිශ්චිත වශයෙන් ප්‍රසිද්ධියට පත් කර නැහැ.
කෙසේ වෙතත්, ඔහු විසින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂන මර්දන සංග්‍රහයේ 2.4.10 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙනුයි එම වසර දෙකක තහනම පනවා ඇත්තේ.
අෆ්රිඩි විසින් දූෂිත ප්‍රවේශයන් වාර්තා නොකිරීම හේතුවෙන් 2.4.4 වගන්තිය ද උල්ලංඝනය කර ඇති අතර, ඒ වෙනුවෙන් ඔහුට මාස 6 ක තහනමක් නියම කර තිබෙනවා.
එම මාස 6 ක තහනම ක්‍රියාත්මක වන්නේ ඔහුට එරෙහි වසර දෙකක තහනම බලපැවැත්වෙන කාලයේ දීමයි.
මෙම වරදවල් සදහා ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමක් පැනවිය හැකි නමුත්, ඔහුගේ වරද පිළිගැනීම, පසුතැවීමේ මට්ටම සහ අතීත වාර්තා සැලකිල්ලට ගනිමින් දඩුවම් කාලය සීමා කර තිබෙනවා.
අසිෆ් අෆ්රිඩි පළමු පෙල තග 35 ක්, List A එක්දින තරග 42 ක් හා 20යි 20 තරග 65 ක් ක්‍රීඩා කර ඇතත්, ඔහු මෙතෙක් කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැහැ.

