නවසීලන්ත සංචාරය යටතේ ශ්‍රී ලංකාවට දෙදින පුහුණු තරගයක්

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ දී සිදු කිරීමට නියමිත නවසීලන්ත තරග සංචාරයේ නිල තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ද අද(8) නිවේදනය කළා.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග දෙකක්, අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අයත් එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් මෙම තරග සංචාරයට ඇතුළත්.

තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු 4 හා 5 වැනිදා දෙදින පුහුණු තරගයකට ක්‍රයිස්චර්ච් හී දී එක් වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය අද සදහන් කළේ.

මාර්තු 9 වැනිදා තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ක්‍රයිස්චර්ච් හී දී ම ආරම්භ වීමට නියමිතයි.

මාර්තු 17 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ වෙලින්ටන් හී දී යි.

මාර්තු 25 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලිය පිළිවෙලින් ඔක්ලන්ඩ්, ක්‍රයිස්චර්ච් හා හැමිල්ටන් හී දී පැවැත්වීමට නියමිතයි. දෙවැනි එක්දින තරගය මාර්තු 28 වැනිදා පැවැත්වෙන අතර, තෙවැනි එක්දින තරගය පැවැත්වෙන්නේ මාර්තු 31 වැනිදායි.

පසුව 20යි 20 තරගාවලිය අප්‍රේල් දෙවැනිදා ඔක්ලන්ඩ් හී දී ආරම්භ වනවා. දෙවැනි හා තෙවැනි 20යි 20 තරග පිළිවෙලින් ඩුනේඩින් හී දී හා ක්වීන්ස්ටවුන් හී දී පැවැත්වීමට නියමිතව ඇත්තේ අප්‍රේල් 5 වැනිදා හා 8 වැනිදායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...